Pages

Friday, October 17, 2014

නවීන තාක්ෂණය සහ නව පරම්පරාව

වර්තමාන යුගයේ මිනිස් ජීවිත ගොඩනැගෙන්නේ ඉතා වේගවත් වගේම ඉතා කාර්යබහුල පරිසරයකට හුරු පුරුදුවයි. දැන් අපි කාට කාටත් හුරු වූ නවතම ක්රේමවේදයන්, නවීන යන්ත්‍රසුත්‍ර වගේම නවීන පහසුකම් නිසා මිනිසාගේ වැඩකටයුතු ඉතා පහසු වී තිබෙනවා. ඒවගේම මෙම නවීන දේ අපිව තරමක් කම්මැලි මිනිසුන් කොටසක් බවටත් පත් කරලා. අප අද ජීවත් වෙන්නේ වෛද්‍ය විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඉදිකිරීම් තාක්ෂණය , රොබෝ තාක්ෂණය වැනි වූ නවීන විවිධාකාරී තාක්ෂණයන් සමුහයක් සමඟයි. මෙම විවිධ වූ තාක්ෂණික ක්‍රරකමවේදයන් වෙන් වෙන්ව ගත් කල ඒවාට අදාලව කතා කිරීම‍ට දීර්ග තොරතුරු තිබුනද අද මම මෙහිදී වැඩි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම නුතන තාක්ෂණික ක්‍රම අපේ නවතම පරම්පරාවට බලපාන්නේ කෙසේද යන වගයි.




පසුගිය සියවසේ බිහි වූ මුලික නිර්මාණයක් වූ පරිගණකයකය කියන්නේ මෙම සියලු තාක්ෂණික ක්‍රම වල මුලික අංගය පමණක් ම නොවෙයි. එය මෙම සියලු තාක්ෂණයන් දිනෙන් දින උසස් තත්ත්වයයට ගෙන ඒමටත් මුලික වුවක්. ඒ වගේම වර්තමාන පරම්පරාව තුල අදහාගත නොහැකි වෙනසක් සිදු කිරීමටත් පරිගණකයට හැකි වෙලා. අපේ මුතුන්මිත්තන් කිසිවෙක් අප අද ගෙවනවා හා සමාන ජීවතයක් ගත කර නැහැ. ඒ පමණක් නොව අපේ වැඩිහිටියන් ( වයස 50 – 60) පවා අද පවතින තාක්ෂනයන් හා මුසු වීමට වැඩි කැමැත්තක් නොදක්වන්නේ ඔවුන් මෙතරම් ලෙහෙසි පහසු වූ ජීවන ජටවකට හුරුව නොසිටි බැවිනි. අප තමයි නව පරම්පරාව, දියුණුවන විශ්ව ගම්මාන සංකල්පයේ ආඩම්බරකාර උරුම කරුවන්.

නවීන තාක්ෂණයේ මුලිකම අංශය වන්නේ තොරතුරු තාක්ෂණයයි. පරිගණක , අන්තර්ජාලය වගේම ඒ හා බැදී ඉලෙක්ට්‍රොනික උපකරණ තොරතුරු තාක්ෂනය සවිමත් කිරීමට උපකාරී වෙනවා. පරිගණකය කියන්නේ මිනිස් සමාජයේ උසස්ම සොයා ගැනීමක් වූවත් අන්තර්ජාලය යනු පරිගණකයේද පියා වී ඇත. පරිගණකය හා අන්තර්ජාලය සැම විටම එකට ගමන් කල යුතු දෙයක් වී ඇත. එයින් එකක් හෝ නොමැති වීම සිත් ඇද නොගන්නා, නීරස  කාරණයකි. මිනිස් මනසට හා සමාන වූ හැකියාවන් හා දත්ත සමුහයක් කැටි කොට ගත් පරිගණකය අපගේ ජීවිත ගමන පහසු කරනවා වගේම , නවීන තාක්ෂණ ලෝකය තුල වූ විශාල ගැටළු වගේම සුළු ගැටළු නිරාකරණය කිරීම අන්තර්ජාලය විසින් සිදු කරනු ලබනවා.

මෙම තාක්ෂණික ක්‍රමයන් අති විශාල වූ වාසි රැසක් අපට ගෙන දෙනවා. වඩා වැදගත් වන්නේ මෙම තාක්ෂණික ක්‍රම වලට හැකි වී තිබෙනවා ලෝකයක් ආරක්ෂා කිරීමට. ලෝකයේ සියලුම දත්ත ඉතා සියුම් ඉලෙක්ට්‍රොනික චිපයක ගබඩා කර තබා අවශ්‍ය විටදී එම දත්ත ලබා ගෙන ඒවා පරිහරණය කර ලොව තුල ඉදිරියට සිදු විය හැකි දේ අනාවැකි ලෙස පල කිරීමටත් , ඉලෙක්ට්‍රොනික මාද්‍ය හරහා මේ සියලු දත්ත සැනකින් ලොව පුර බෙදා හැරීමටත් අද තාක්ෂණයට හැකි වෙලා තිබෙනවා. අපේ මනස සම්පුර්ණයෙන්ම වෙනත් අතකට යොමු කිරීමට නවීන තාක්ෂණයට හැකියාව ලැබී තිබෙනවා. අපිට හොඳ දේ සහ නරක දේ වෙනුවෙන් නැගී සිටීමටත් ඒවා වෙන් වෙන් කර හඳුනා ගැනීමටත් නව තාක්ෂනය අපිට පුරුදු කරලා හමාරයි. අපේ මුතුන් මිත්තන්ට සාපේක්ෂව අපි ඉතා උසස් ස්ථානයක තැබුවේ මෙම තාක්ෂණයයි. අපේ මුතුන් මිත්තන් ස්වභාවික පරිසරයේ සිදු වන ගුප්ත ක්‍රියාවලින්ට වගේම ඔවුනගේ ජීවිත වල ක්ෂණිකව ඇති වන වෙනස් වීම වලට බයෙන් ජීවත් වුනා. නමුත් නව තාක්ෂණයට පින් සිදු වන්නට අද අපේ ජීවිත ඉතා පහසු වගේම සුන්දර ජීවිත බවටත් පත් වෙලා.


ලොව සැතපුම් ගණනාවක් දුරින් සිටින පුද්ගලයන් අතර පවා අදහස් හුවමාරු කරගැනීට , කතා කිරීමට , ජයාරූප හුමාරු කර ගැනීමට හැකියාව ඇති ඇති විශිෂ්ටම ක්ර මය වන්නේ අන්තර්ජාලය යි. තොරතුරු හුවමාරු කර ගැනීමේ ඉතා ජනප්රි.ය වගේම ඉතා ප්රගයෝජනවත් අනිත් ක්රිමය වන්නේ ජංගම දුරකතනයයි. ඉතා සැහැල්ලු , බරින් අඩු වගේම , රැහැන් රහිතව එකිනෙක හා සම්බන්ධ විය හැකි මෙම ජන්ගය දුරකතනයෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ කියා නිම කල නොහැකියි. වර්තමාන කාලයේදී ජංගම දුරකථන අපට වඩා ප්‍රයෝජනවත් වගේම , ඒවායෙහි පරිගණක වලටත් වඩා සංකීර්ණ සංකල්පයන් ගැබ් කරවමින් නිෂ්පාදනය කර තිබෙනු දක්නට හැකියි. IPod, IPhone වැනි උපකරණ ඒ සඳහා හොදම උදාහරණයි.

මෙම තාක්ෂනය ක්‍රම මගින් ලොවට වාසි තිබෙනවා වගේම මේවා ලොවට නරක නපුරු ප්‍රතිපලත් උපදවන බව කිව යුතුමයි. පරිගණකය සුදුව වැනි අනවශ්ය දේ සඳහා කාලය වැය කිරීම් සඳහා යෙදවීම ඉගෙන ගන්නා පාසල් දරුවකුගේ ජීවිතය සම්පුර්ණයෙන්ම විනාශ කර දැමීමට සමත් වෙනවා. අන්තර්ජාලය තුල ඇති අති විශාල වූ දත්ත හා තොරතුරු ඉතා වැරදි ආකාරයට භාවිතා කිරීම මගින් තරුණ පරම්පරාවේ බොහෝ දෙනා නරක චරිතයන් බවට පත් වෙලා තිබෙනවා. පාසල් සිසුන් විසින් විවිධ වූ වෙබ් අඩවි භාවිත කරමින් ගැහැණු ළමුන් සමඟ මෙන්ම පිරිමු ළමුන් සමඟද වැරදි අදහස් හුවමාරු කර ගැනීම් සිදු කර ගන්නවා. මෙහිදී ඔවු ලිංගික සහ අසභ්යර දේ කැටිවූ වීඩියෝ දර්ශන , කතා මාලාවන් හුවමාරු කරගැනීම් සිදු කරගනු ලබනවා. තවත් සමහරු අපරාධ කිරීම සඳහා ක්රඔම වේදයන් අන්තර්ජාලය තුලින් සොයා ගන්නවා. ඔවුන් නවතම විලාසිතාවන්, නවතම ශරීර හැඩගැන්වීම් ක්‍රම වැනි දේ අන්තර්ජාලය තුල සෙවීම සඳහා තමන්ගේ අද්‍යාපනික කාලය කැප කරනු ලබනවා. ඔවුන් තමන් කැමති නිරුපන ශිල්පියන්, නළුවන් . නිලියන් ආකාරයට හැඩ ගැස්වීමට තම කාලය යෙදවීම නිසා අධ්යා පනික කටයුදු , විභාග ආදිය අසමත් වෙනවා. මෙය අපේ අනාගත පරපුරේ චරිතස්වාභාවය පහත් තැනකට ගෙන එමට හේතු වෙනවා.

ජංගම දුරකථන භාවිතයෙන් අදහස් හුවමාරු කර ගැනීමේ පහසු තාවය වැරදි ලෙස භාවිත කරන්නට බොහෝ දෙනා පෙළඹිලා. විවිධ වූ අපරාධ සිදු කිරීමටත් , වෙන වෙනස් වූ නරක අදහස් හුවමාරු කර ගැනීමටත් වගේම මුදල් සඳහා තර්ජනය කර පුද්ගලයින් ගෙන්වා ගැනීමත් ඔවුන්ව භාවිත කර ඉතා පහත් , අධම වැඩ සිදු කර ගැනීමත් ලොව ඇතැම් දෙනා පුරුදු වී සිටිනවා. අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මිනි මැරුම් වගේම කාන්තාවන් දුෂණය කිරීම වැනි අමන ක්‍රියා අද වෙන කොට ඉතා සීග්‍රයෙන් ඉහල ගිහින් තිබෙනවා. මෙම ක්‍රියාවන් ඉදිරියටත් මෙලෙසම පැවතුන හොත් නව පරම්පරාවටත් වඩා ඉදිරියට ලොව බර ගැනීමට සිටින පරම්පරාව ඉතා දුශ්චරිත වේවි. එය අපිට වගේම මුළු ලොවටම විනාශකාරී දෙයක් වේවි. එම නිසා අපි අද අදම මේ සඳහා නැගී සිටිය යුතු වෙනවා අපේ ඉදිරි පරම්පරාව බෙරා ගැනීමට.

කෙසේ වෙතත් මම අනිවාර්යයෙන්ම කිව යුතුයි මෙම තාක්ෂණික ක්‍රම අපිව කම්මැලි , හැඟීම් නොමැති, බලාපොරොත්තු රහිත මිනිසුන් පිරිසක් බවට පත් කර හමාර බව. අපි තර්ක කළහොත් අපි අපේ මුතුන් මිත්තන්ට වඩා ඉදිරියෙන් සිටිනවා කියා , එසේ වී ඇත්තේ අපි යම් කිසි දෙයක් වූනොත් එයට හේතුව කුමක් ද කියා දන්න නිසා. , ඒවගේම අපි ඒවා සන්නිවේදනය කරන්න වගේම එවැනි රෝග , අපදා සඳහා ප්රිතිකාර ක්‍රම විදිත් අප දන්න නිසා. නමුත් අපිට අකමැත්තෙන් වූනත් පිළිගන්න වෙනවා අපි අපේ මුතුන් මිත්තන්ට සාපේක්ෂව රෝග කරදර වලට මුහුණ දෙන ප්‍රවනතාවය වැඩි බව . ඒ වගේම අපි ඔවුන්ට සාපේක්ෂව උදාසීන මානසිකත්වයක සිටින බව සහ අපි ඔවුනට වඩා දුෂිත ලෝකයක ජීවත් වන බව.

නවීන තාක්ෂනය නිසා අද අපිට අදහස් හුවමාරු කර ගැනීමට විවිධ වූ විධි ක්‍රම රාශියක් තිබුනත් ඒ සඳහා ඇති කාලය අපිට අවම වෙලා තිබෙනවා. තමන්ගේ පවුලේ අය සමඟ , තමන්ගේ යහළුවන් සමඟ කතා බහ කිරීමට මේ කාර්යබහුල ලෝකය තුල ඉඩක් , කාලයක් සොයා ගැනීම ඉතා අපහසු වෙලා. ඇත්ත , අපිට අපේ මුතුන් මිත්තන්ට සාපේක්ෂව ලෙහෙසි පහසු ජීවිතයක් අපට ලැබිල තිබෙනවා , නමුත් මදකට සිතා බලන්න ඒ ලැබිල තියෙන ජීවිතය කොතරම් දේවල් මත රඳා පැවතිලාද තිබෙන්නේ කියලා, කොතරම් පරායක්තද කියලා. අපේ ජීවිත අපි යන්ත්‍ර සුත්‍ර වලට බාරදීලා බල සිටිනවා මිසක් අපි අපේ ශරීර ශක්තියෙන් කොතරම් දුරට ප්‍රයෝජන ගන්නවද කියල සිතා බලන්න මම ඔයාලට ආරාධනා කරනවා.

Source : trickslanka